ඉන්ධන මිලදී ගන්න මුදල් අච්චුගහන්න සිදුවෙනවා – බලශක්ති ඇමති

ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් ලබාගැනීමට මුදල් අච්චුගැසීමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසනවා.

ඉදිරි මාස තුනට අවශ්‍ය ඉන්ධන ආනයන සඳහා මුදල් සොයාගැනීම විශාල අභියෝගයක් බවයි ඔහු කියන්නේ. ඉන්ධන සඳහා මහ බැංකුවේ අධිපතිවරයා විසින් ඩොලර් ප්‍රමාණයක් වෙන්කර තිබුණත් ඩොලර් මිලදීගැනීමට රුපියල් අඩුවීම නිසා ඊට එකම විකල්ප මුදල් මුද්‍රණය කිරීම බව අමාත්‍යවරයා පවසනවා.

එහෙත් මහ අධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මුදල් මුද්‍රණය කියන අවසාන විකල්පයට අකමැති බවයි ඔහු සඳහන් කරන්නේ.රටට ළගාවෙමින් නියමිත ඉන්ධන නෞකා හතරකට ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 160 ක් පමණ සෙවීම මේ දිනවල අභියෝගය බව කී අමාත්‍යවරයා ඉන්ධන සඳහා වන ඩොලර් මිලියන 530 ක අවශ්‍යතාව රටේ මුදල්වලින් කළමනාකරණය කළ නොහැකි බව අවධාරණය කරනවා.

ඒ නිසා ඩොලර් මිලියන 30 කට ණයවර ලිපියක් නිකුත්කිරීමට නොහැකිව දැවිතෙල් නෞකාවක් දින 20 ක කාලයක් නිදහස්කර ගැනීමට නොහැකි වී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles