“ලංවිම හිටපු සභාපති ගැන ලබන සතියේ තීරණයක් ගන්නවා” – කෝප් කමිටුවේ සභාපති

කෝප් කමිටුවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර පසුව එය ඉල්ලා අස්කර ගන්නා බවට දැනුම් දුන් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්. එම්. සී. ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් කමිටුව ලබන සතියේ රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවට සඳහන් ඉල්ලා අස්වූ ලංවිම සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු විසි කෝප් කමිටු සභාපති වෙත යවා තිබූ ඊයේ (14) දින ලැබුණු බවයි කියන්නේ.

විදුලිබල මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගිය 10වෙනිදා කැඳවූ අවස්ථාවේදී මණ්ඩලයේ එවකට සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණා. එම ප්‍රකාශය මාධ්‍යවල ප්‍රචාරයවීමෙන් පසු ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළා.

එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බව කෝප් කමිටුවට දැනුම්දීමට කටයුතු කළේ ඉන් පසුවයි. කෝප් කමිටුවේදී තමා කළ පැහැදිලි කිරීමේදී ඇතිවූ පීඩනය සහ හැඟීම් හේතුවෙන් ‘ඉන්දීය අගමැති’ යන වචනය ප්‍රකාශ කිරීමට සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවත් ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබුණා. ඔහු කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත්තේ විදුලිබල මණ්ඩලය අදානි සමාගමට දෙන ලෙසට ඉන්දීය අගමැතිවරයා බල කරන්නේ යැයි ජනාධිපතිවරයා තමා කැඳවා පැවසූ බවයි.

POPULAR

Recent articles