“69 ලක්ෂය මෝඩයන් යැයි හංවඩු ගැසීම මම අනුමත කරන්නේ නෑ” – කේ. ඩී. ලාල්කාන්ත

බොහෝ දෙනෙක් විසින් පොහොට්ටුවට ඡන්දය දුන් 69 ලක්ෂය මෝඩයන් යැයි හංවඩු ගැසීම තමා අනුමත නොකරන බව ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත පවසා තිබෙනවා.

69 ලක්ෂයක ජනයා මෝඩයන් යැයි හාස්‍යට ලක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නොව ඒ වේශයෙන් සිටින ජවිපෙ සතුරන් බවයි ඔහු කියන්නේ.

එම 69 ලක්ෂයක් දෙනාට රට ගොඩගැනීමේ සැබෑ අභිලාෂයක් තිබූ බව ඔහු පවසනවා.

පළමුව ජනතාවගේ අභිප්‍රායන් මොනවාදැයි හඳුනා ගැනීමට දේශපාලනඥයකුට හොඳ ඉවක් තිබිය යුතු බවද කේ. ඩී. ලාල්කාන්ත කියනවා. ඒ පිළිබඳව උදාහරණයක් ලෙස මීට පෙර තාප්පවල චිත්‍ර ඇන්ද තරුණයන්ගේ සැබෑ අරමුණට ආණ්ඩුව කිසිම ගරුත්වයක් නොදීම ගෙනහැර දක්වනවා.

ජනතාවගේ එම නැවුම් හැඟීම් සියල්ල සුන් වී ඇති බවත් මේ මොහොතේ ජනතාව ජාතික ජන බලවේගයට සමීප නිසා ජනතාවගේ අභිලාෂ මොනවාදැයි ඉතා හොඳින් පැහැදිලි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles