දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් විදුලි බිල ගෙවා නෑ

කොළඹ 02 පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලිය විසන්ධිකර තිබෙනවා. ඒ විදුලි බිල නොගෙවීම හේතුවෙන්. ඊයේ (20) විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි වූ බවයි කියන්නේ. මෙම ගොඩනැගිල්ලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 ක් පමණ සේවය කරන අතර එම සියලුම නිලධාරීන් ඊයේ දිනයේ ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ තිබුණා.

මාස දෙකක පමණ කාලය තුළ මෙම ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම නිසා විදුලි විසන්ධි කළ දෙවැනි අවස්ථාව මෙය යි. රුපියල් ලක්‍ෂ 9 ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බවයි වාර්තා වෙන්නේ.

මීට මාස දෙකකට පමණ පෙර ද රුපියල් ලක්‍ෂ තුනහමාරක පමණ විදුලි බිලක් ගෙවීම පැහැර හැරීම නිසා විදුලි විසන්ධි කිරීමෙන් පසුව රුපියල් 60,000 ක ඉන්ධන වැය කරමින් විදුලි ජනන යන්ත්‍රයකින් විදුලි ලබාගත් බව කියනවා.

POPULAR

Recent articles