ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයෙන් නික්ම යාමට නියමිතයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට යුද හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

මේ ඉවත්වන ලෙස දැනුම් දීමට පෙර ගෝල්ෆේස් ප්‍රහාරය ඇතුළු සිදුවීම් ගණනාවකදී යුද හමුදාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පොහොට්ටුව පක්ෂයෙන් යුද හමුදාපතිවරයාට ප්‍රසිද්ධියේ ද චෝදනා එල්ල කර තිබුණා. ඊට පෙර ජනාධිපතිවරයා පවසා තිබුණේ ශවේන්ද්‍ර සිල්වා දිගටම යුද හමුදාපති ධුරයේ රැඳී සිටිය යුතු බවයි.

කෙසේ වුවද හමුදාපති ධුරයෙන් ඉවත් වුණත් ඔහු දැනටත් වගකීම් දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ දිගටම කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි පැවසෙනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටමින් වාර්තා කරන්නේ නව යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත්කෙරෙනු ඇති බවයි.

2021 දෙසැම්බර් මාසයේ සිට මේ දක්වාම ඔහු යුද හමුදා කාර්යය මණ්ඩල ප්‍රධානී ධුරයේ කටයුතු කරනවා. විකුම් ලියනගේ, ශවේන්ද්‍ර සිල්වාගේ සමීපතමයෙකු ලෙස ද ප්‍රකට යි.

ගෝඨාභය රාජපක්ෂ, ශවේන්ද්‍ර සිල්වා මෙන්ම විකුම් ලියනගේ ද යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ සාමාජිකනු වනවා.

POPULAR

Recent articles