රැකියා අපේක්ෂාවෙන් විදෙස්ගතවන අයට නව විදේශ ගමන් බලපත්‍ර කවුළුවක්

විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා කඩිනමින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් විවෘත කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පසුගිය සතියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ සඳහා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අනුමැතිය ලබා දී තිබෙනවා.

රැකියා සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා කවුන්ටරය ඊයේ (23) සිට විවෘත කිරීමට තීරණය කර ඇත්තේ නියමු මෙහෙයුම්වලින් ලබාගත් දත්තවලට අනුවයි.

ඒ අනුව විදේශ රැකියා සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිරන්තරයෙන් කරන ඉල්ලීම් හේතුවෙන් ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අමාත්‍යවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙම විශේෂ කවුළුව විවෘත කර තිබෙනවා.

එමගින් තම මූලික ක්‍රියාවලිය අවසන් කර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තම රැකියාවට අදාළ ලිපිය ලබාගෙන ඇති අයදුම්කරුවන්ට විශේෂ කවුන්ටරය වෙත ලේඛනය ලබා දීමෙන් ඉක්මනින් තම විදේශ ගමන් බලපත්‍ර ලබා ගත හැකියි.

POPULAR

Recent articles