“ඉන්ධන මිල සූත්‍රය සෑම සති දෙකකට වරක් හෝ මාසිකව යොදවනවා” – බලශක්ති ඇමති

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල හා අනෙකුත් සාධක සලකා බලා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන ලද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සිදුකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සූත්‍රය යෙදවීමට නියමිත බවයි.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් හා බදු මුදල් මිල එම සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ Twitter සටහන් –

POPULAR

Recent articles