”තාත්තා ළඟට ආවා වගේ දැනුනේ” – හරීන් ප්‍රනාන්දු

මහ ගෙදරට ආවේ ආපහු යන්න නොව ඉන්නම යැයි සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටිනවා.

හරීන් හා මනූෂ නැවත ආවොත් ගන්නේ නැති බව වෙනත් පක්ෂයක ගාල්ලේ පැවැති රැස්වීමකදී පවසා තිබු බව කී අමාත්‍යවරයා ඉතින් ඒ පක්ෂයට යන්නේ කවුදැයි ප්‍රශ්න කර සිටියා.

ඔහු මේ බව පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර උත්සවය අමතමිනුයි.

එමෙන්ම ඔහු කියා සිටියේ එජාප වේදිකාවට එන විට අබමල් රේණුවකවත් අමුත්තක් දැනුනේ නැති බවත් නැවත තාත්තා ළඟට පැමිණි බව තේරුණ බවයි.

POPULAR

Recent articles