පොලිස් ආරක්ෂාව මැද මහල් නිවාසවලට ගෑස්

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ගෑස් බෙදා හැරීමට අද (12) කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එමෙන්ම වාණිජ කටයුතු සඳහා ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බවද එම සමාගම සඳහන් කරනවා.

කෙසේ වුවද ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශවල අද (12) දිනයේ දිගු ගෑස් පෝලිම් ඇති බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles