දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 290 ක් දක්වා ඉහළගොස් ඇති බවට වාර්තා කර තිබෙනවා.
පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් පෙරේදා (22) දිනය වන විට ඩොලරයේ අගය සඳහන් වූයේ 285 ක් ලෙසයි.



