“වසා දමා තිබෙන සියලුම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කරනවා” – එස්. බී. දිසානායක

වසා දමා තිබූ බව කියන ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර 09කට පසුව දේශීය ආයෝජකයකු සමඟ ගිවිසුම් ගතවීමෙන් අනතුරු ව නැවත ආරම්භ කිරීමට ලැබූ බව කර්මාන්ත අමාත්‍යංශය පවසනවා.

එම අවස්ථාවට සහභාගී වූ කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක කියන්නේ වසා තිබෙන සියලු ම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.

“මේ රටේ වැසී තිබෙන කර්මාන්ත නැවත ආරම්භ කරන්නට අපි මුලින් ම ආරාධනා කරන්නේ දේශීය ආයෝජකයන්ට. මවුබිමේ ලේ සුවඳ දැනෙන අයට. ඊට අමතරව විදේශීය ආයෝජකයන්ට දේශීය ආයෝජකයන් සහ රජයේ මැදිහත්වීම මත සිය ආයෝජන සිදු කරමින් කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙනවා.

මේ කඩදාසි කර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත අතර දේශීය ව අවශ්‍ය කඩදාසි සැපයිමට බලාපොරොත්තු වෙනවා.

මේ කටයුත්ත ආරම්භ කිරීම පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංස මැතිතුමාට මගේ ගෞරවය පුද කරනවා” යි අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles