ඇමරිකාව චීනයට අනතුරු අඟවයි

රුසියන් – යුක්රේන යුද්ධය හමුවේ රුසියාව විසින් පසුගියදා හමුදා උපකරණ අවශ්‍ය යැයි චීනයේ සහාය ඉල්ලා ඇති තිබෙනවා.

කෙසේ වුවද ඇමරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසයි.

යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් චීනය රුසියාවට සහාය දක්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ සහාය දීමක් කළහොත් චීනයට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඇමරිකා රජය අනතුරු ඇගවීමක් ද කර තිබෙනවා.

යුක්රේනය සම්බන්ධයෙන් ගත් හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිව ඇමරිකාව ඇතුළු රටවල් රුසියාවට සම්බාධක පනවා ඇති අතර එම සම්බාධක මඟහැර යෑමට ද රුසියාවට චීනයේ සහාය අවශ්‍ය වනවා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපති හා චීන ජනාධිපති අතරේ පවතින්නේ ශක්තිමත් මිත්‍රත්වයක් වන අතර කොන්දේසි විරහිතව රුසියාවට සහාය දෙන බවට චීනය ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles