ඩිව් ගුණසේකර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ධුරයට

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පත්කරගනු ලැබ තිබෙන බව වාර්තා වෙනවා.

පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ඩිව් ගුණසේකර මහතාව නව සභාපතිවරයා වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ බවයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පවසන්නේ.

කොමියුනිස්ට් පක්‍ෂයේ නව මධ්‍යම කාරක සභාව ඉකුත් දා පැවති පක්‍ෂ 22 වැනි ජාතික සම්මේලනයේ දී පත්කරගනු ලැබූ එකක් වනවා.

මීට පෙර කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයාව සිටියේ වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර වූ අභාවප්‍රාප්ත රාජා කොල්ලුරේ වන අතර මියයන විට ඔහුව පක්‍ෂ සභාපති තනතුරෙන් ඉවත්කර සිටියා.

POPULAR

Recent articles