“ප්‍රවාහන ඇමති මාධ්‍යයට කියන විදිහට ලංගම ඩිපෝවලින් ඩීසල් දෙන්නේ නෑ” – පෞද්ගලික බස් රථ රියදුරන්

මගී ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමේදී කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදෙන බව වාර්තා වනවා.

ඉන්ධන පිරවුම්හල් වල ඩීසල් පෝලිම් දිගට තිබියදී ධාවනයේ යෙදෙන මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ වෙත අදාළ ඉන්ධන පිරවුම්හල් වෙතින් පෝළිමෙන් පිට ඩීසල් නිකුත් කරනනේ නැහැ. එම නිසා දුරගමන් සේවා බස්රථ විශාල අර්බුදයකට මුහුණ පා තිබෙනවා. ඒ මගීන් සමග ගමන් කරන බස්රථ සදහාද පොලිම්වල රැදී සිටීමට සිදුවන බැවින්.

මේ අත පෞද්ගලික බස් රථ රියදුරන් අප වෙත පැවසුවේ ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම සහ ලංගම සභාපති කිංස්ලි රණවක මාධ්‍යට පවසන පරිදි ලංගම ඩිපෝ වෙතින් ඩීසල් ලබා නොදෙන බවයි.

POPULAR

Recent articles