රාජ්‍ය ආයතන හතක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13 000ක පොලු තියයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් නොගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE) ඉදිරිපත් කළ වාර්තාවකින් අනාවරණය වෙනවා.

ඒ අතරට මුදල් නොගෙවූ සෙසු ආයතන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියත් සඳහන් වෙනවා.

වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයයි. මෙසේ ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 7300ක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 5600ක මුදලක් ගෙවීම පැහැර හැර තිබෙනවා.

POPULAR

Recent articles