“ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නෑ” – ජාත්‍යන්තර මූල්‍ය අරමුල

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ණය අඩු කිරීම වෙනුවෙන් පිළිගත හැකි ක්‍රමවේදයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නොවනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – ආර්ටිකල් 4 – යටතේ ශ්‍රී ලංකාව සමග සිදුකළ සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව එහි විධායක මණ්ඩලය කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ණය ඉතා ඉහළ ගොස් ඇති බවයි.

ඊට අමතරව මෙම ණය කළමනාකරණයටද ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුල පෙන්වා දෙනවා.

POPULAR

Recent articles