කාදිනල් හිමි ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය හමුවෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (02) දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ හමුවී තිබුණා. එහිදී කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කර ඇති බවයි කියන්නේ.

මෙරට වේලාවෙන් පස්වරු 2.30ට පමණ ආරම්භ කළ මෙම හමුව ව්නාඩි 45ක පමණ කාලයක් පැවති බව කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු ජේ. ඩී. ඇන්තනී හිමි නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙනවා.

POPULAR

Recent articles