ඩීසල් පෝලිමේ සිටි රියදුරන්ට පානීය ජල බෝතල් දන්සලක්

ඩීසල් එන තෙක් මාතර නගරයේ ඉන්ධන පිරවුම් හල් අසල රැදී සිටි රථ වාහන රියදුරන්ට ඊයේ (01) සවස ජිප් රථයකින් පැමිණි තරුණියක පානීය ජල බෝතල් බෙදා දෙන අයුරු සමාජ මාධ්‍ය වල දක්නට ලැබෙනවා.

පැය ගණනක් දිගු පෝලිම් වල රැදී සිටි රියදුරන්ට එය විශාල අස්වැසිල්ලක් වූ බවයි එහි දැක්වෙන්නේ.

බස් රථ, ට්‍රක් රථ,ලොරි, වෑන් සහ කාර් ආදී සෑම වාහනයකම රියදුරන් එම ජල බෝතල් භාර ගත් අතර ඇතැම් රියදුරන් පිං දෙන අයුරුද දැක ගන්නට ලැබුණු බව සඳහන් වෙනවා.

POPULAR

Recent articles