“එළඹෙන සතිය වන විට ඉන්ධන, ගෑස් හා විදුලි අර්බුදය විසඳෙනවා” – බැසිල් රාජපක්ෂ

ලබන සතිය වන විට දැනට පවතින ඉන්ධන, ගෑස් සහ විදුලි අර්බුදය විසඳෙනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (21) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී තිබෙනවා.

ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් කෝටි 50ක ණය මුදලක් ලැබී තිබෙන නිසා එම මුදලින් ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ තිබෙන බව ඔහු කියනවා.

මීට අමතරව ඇමරිකානු ඩොලර් කෝටි 150 ක ණය මුදලක් අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ සහ කර්මාන්ත සදහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනයට ලැබී ඇතැයි පවසා ඇති ඇමතිවරයා එම භාණ්ඩ ආනයනය ට ද මේ විට කටයුතු කරමින් පවතින බව සඳහන් කර තිබෙනවා. ගෑස් ආනයනය සඳහා ඩොලර් ලබාදීමට මහ බැංකුව එකඟතාව පළකර තිබෙන බව කියන මුදල් අමාත්‍යවරයා ඒ අනුව ගෑස් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමේ කටයුතු අදම ආරම්භ කරන බවයි කියන්නේ.

මේ ආකාරයට ඉන්ධන සහ ගෑස් ආනයනයත් සමඟ දැනට රට තුළ පවතින ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදය ලබන සතිය වන විට විසඳෙනු ඇති බව මුදල් ඇමැතිවරයා පවසනවා.

POPULAR

Recent articles