ජිනීවා මානව හිමිකම් සමුළුව අද (28) ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද (28) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිත වනවා.

සැසිවාරය අප්‍රේල් 01 වනදා දක්වා පැවැත්වෙනවා.

මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මාර්තු 03 වනදා ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත වනවා.

කෙසේ වුවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබාදෙනු ලබන්නේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසිනුයි.

විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියද හමුවීමට නියමිතයි.

POPULAR

Recent articles