හෙට (28) සිට බස් ධාවනය සීමා වෙයි

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට (28) සිට බස් ගමන් වාර සීමා කිරීමට සිදු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව ලබාදී අදාළ කාලසටහන් සකස් කිරීමට දැනටමත් ප්‍රවාහන නියාමන ආයතනවලට දැනුම්දී ඇති බවයි.

කෙසේ වුවද සඳුදා දිනයේ බස් ගමන් වාර 50% ක් පමණක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles