“ශ්‍රී ලංකාව යනු යුක්තිය බලාපොරොත්තු විය හැකි පින් බිමක් නොව පවුකාර බිමක් සහ ලේ බිමක්” – ශෙහාන් මාලක ගමගේ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බැවින් ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ විදේශීය වින්දිත පවුල් සමග ජාත්‍යන්තරය වෙත යාමට කතෝලික සභාව සැලසුම් කරමින් සිටින බව ශෙහාන් මාලක ගමගේ පවසනවා. “ශ්‍රී ලංකාව යනු යුක්තිය බලාපොරොත්තු විය හැකි පින් බිමක් නොව පවුකාර බිමක් සහ ලේ බිමක්” බව ඔහු කියනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ‘අත් සෝදාගන්න බැරි’ බව අවධාරණය කරන ඔහු පවසන්නේ එබැවින් ඔවුන් දෙදෙනා සහ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජනාධිපති කොමිසම නිර්දේශ කොට තිබෙන සියලු දෙනාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි.

සිය සිංගප්පූරු සංචාරය සහ පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉක්මනින් යළි සියරට නොපැමිණීම පිළිබඳව හිටපු ජනපතිවරයා ප්‍රසිද්ධියේ සහ කොමිසම හමුවේ කරන ලද ප්‍රකාශ පරස්පර විරෝධී බව ෂෙහාන් මාලක ගමගේ පවසනවා. කොමිසම මගින් චුදිතයෙකු ලෙසින් නම් කර තිබෙන නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නීතිපතිවරයා විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු කිරීම ද ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව පැවසෙනවා.

POPULAR

Recent articles