අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනයට අවසර

අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට යළි ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක් එම ක්‍රමය යටතේ ආනයනයට අවසර ලබා දුන් බවයි.

ඒ අනුව අල හා ලූණු වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ විවෘත ගිණුම් ක්‍රමයට මෙරටට වැඩි වශයෙන් ගෙන එන බව, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කරනවා.

විවෘත ගිණුම් ක්‍රමය යනු භාණ්ඩ ගෙන්වා ගැනීමෙන් පසුව එම මුදල් සැපයුම්කරුට ගෙවීමයි.

මීට පෙර විවෘත ගිණුම් ක්‍රමයට භාණ්ඩ ආනයනය කිරීම සිදු කළ නමුත් පසුගිය 06 වනදා සිට එම ක්‍රමය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

POPULAR

Recent articles