”මානව හිමිකම් සැසිවාරය ගැන ආණ්ඩුව මවන්නේ බිල්ලෙක්” – සිරිල් ගාමිණි පියතුමන්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරය සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ රටේ ජනතාව තුළ බිල්ලන් මැවීම බවයි කාදිනල් හිමිගේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසන්නේ.

එසේ නොකර ආණ්ඩුව ඊට එකඟ නොවන්නේනම් වහා කළ යුත්තේ ලංකාව එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස් කරගැනීම බවයි උන්වහන්න්සේ කියන්නේ.

ජාත්‍යන්තර වශයෙන් ආධාර හා ණය ලබා ගැනීමේදී අදාළ සංවිධාන පිළිබඳ ගුණ වර්ණනා කිරීමටත්, රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර ගත නොහැකි තත්වයක් තුළ ඒවා ප්‍රශ්න කරන විට එම සංවිධාන රටට එරෙහි සංවිධාන ලෙස හංවඩු ගැසීමටත් පාලකයන් බංකොලොත් වී ඇති බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන්පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙන සැබෑ කාරණා ජනතාවට වසන් කොට ජාත්‍යන්තර බිල්ලෙක් මවා පාමින් රටේ ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට පාලකයන්ට කිසිදු අයිතියක් නොමැති බවයි උන්වහන්සේ පවසා ඇත්තේ.

POPULAR

Recent articles