කාදිනල් හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වෙයි

රජය විසින් යෝජනා කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි එරෙහිව තිබෙනවා. එම පනතට එරෙහිව මහජන පෙත්සමට උන්වහන්සේ සිය අත්සනද එක්කළ බවයි වාර්තා වන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ පෙත්සමට සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවනවා. ඒ දෙමල ජාතික සන්ධානයේ මූලිකත්වයෙන්. කොළඹ දිස්ත්‍රික්කයේදී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදුවුණා.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි එම පෙත්සමට සිය අත්සන තබනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් අගරදගුරු හිමිට අදාළ පෙත්සම ඉදිරිපත් කල අවස්ථාවෙයි. එය සිදුව ඇත්තේ අගරදගුරු නිල නිවසේදී බවයි වාර්තා වන්නේ.

POPULAR

Recent articles