Home Blog Page 151

ඉන්දීය විදේශ කටයුතු ඇමති දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවෙයි

0

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ආර්. සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් හමුවුණා. රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මාර්තු 25 පැවති රැස්වීමේ ප්‍රගතිය පිළිබඳ ඔවුන් විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් වක්‍ර තිබුණා.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ දෙමළ ඩයස්පෝරා ආයෝජන සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බව ඔවුන් පවසා තිබෙනවා.

රජයේ සහ TNA න්‍යාය පත්‍රයේ ඇති සියලුම අන්තර් ක්‍රියාවලදී ගැටලු සම්බන්ධයෙන් ඇති වූ ධනාත්මක වර්ධනයන් එස්. ජයශංකර් විදේශ අමාත්‍යවරයාගේ පැසසුමට ලක් වූ බවයි වාර්තා වන්නේ. එක්සත් ශ්‍රී ලංකාවක් යන රාමුව තුළ ශ්‍රී ලාංකික දමිළ ජනතාවගේ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය වෙනුවෙන් ඉන්දියාව නිරන්තරයෙන් සහයෝගය දක්වන බව මෙම හමුවේදී එස්. ජයශංකර් අමාත්‍යවරයා අවධාරණය කර තිබුණා.

“දේශපාලඥයින් සඳහා ලබාදෙන වරප්‍රසාද සියල්ල අහෝසි කළ යුතුයි” – හිටපු විගණකාධිපති

0

රටේ සිදුවන වංචා සහ දූෂණ අවම කිරීමට මෙරට සියලුම දේශපාලන පක්ෂ විගණනයකට යටත් කළ යුතු බවත් නමුත් ඒ සඳහා කිසිඳු දේශපාලන පක්ෂයක් එකඟ නොවන බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ විධායකය හා ව්‍යවස්ථාදායකය නීතියට යටත් කළ යුතු බවත් පොහොර නැවට වන්දි ගෙවීමේ සිද්ධියේදී අදාළ තීරණය ගත් පුද්ගලයෙකු තවමත් සොයාගත නොහැකිවී ඇති බවයි.

එමෙන්ම දේශපාලඥයින් සඳහා ලබාදෙන වරප්‍රසාද සියල්ල අහෝසි කළ යුතු බවත් සෑම වසර තුනකට වරක්ම සියලුම නීති යාවත්කාලීන කළ යුතු බවද ඔහු සඳහන් කරනවා.

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මේ බව සඳහන් කළේ දූෂණයට එරෙහි නීතිමය ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජයට බලපෑම් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු URBAN CITIZEN සම්මත්‍රණය සඳහා එක්වෙමිනුයි.

රටඉඳි බද්ද අඩු කෙරේ

0

රාමසාන් සමය වෙනුවෙන් රටඉඳි ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තීරණය කර තිබෙන්නේ රටඉඳි කිලෝ ග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200.00 සිට රුපියල දක්වා රුපියල් 199කින් අඩුකිරීමටයි.

සහල් තොග මිල ඉහල යයි

0

සහල් ව්‍යාපාරිකයන් නැවත වරක් සතිපතා සහල් මිල ගණන් ඉහළ දැමීමට පටන්ගෙන ඇතැයි තොග වෙළෙඳ ව්‍යාපාරිකන් පවසනවා. පසුගිය දෙසතිය තුළ දී පමණක් වාර දෙකක දී සහල් මිල මෙලෙස ඉහල දමා ඇති බවයි කියන්නේ.

පොළොන්නරුවේ ප්‍රධානම සහල් ව්‍යාපාර සමාගමක සහල් වෙළෙඳුන් වෙත නිකුත් කර ඇති මිල ගණන් ලේඛනයට අනුව පසුගිය මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ සම්බා සහල් කිලෝව මාර්තු 22දා සිට රුපියල් 205/- දක්වා රුපියල් රු. 25/-කින් මිල වැඩි කර තිබෙනවා. මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ නාඩු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වාත්, මාර්තු 12දා රු. 175/- ට අලෙවි කළ සුදු කැකුළු සහල් කිලෝව මාර්තු 22දා රු. 200/- දක්වාත්, මාර්තු 12දා රු. 180/- ට අලෙවි කළ රෝස කැකුළු මිල මාර්තු 22දා වනවිට රු. 205/- ක් දක්වාත් මෙලෙස මිල ඉහල දමා තියෙනවා.

ඉන්දීය විදේශ ඇමති ඉන්ධන පිරවුම්හලක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි

0

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අද (28) ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් මෙරට ඉන්ධන පිරවුම් හලක නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එස්. ජයශංකර් Twitter සටහනක් තබමින් සඳහන් කරන්නේ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා ඉන්ධන සැපයුම් තත්වය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර ඇති බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 500ක ඉන්දියානු මූල්‍ය සහයෝගය ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට උපකාරී වනු ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා හා බැසිල් රාජපක්ෂ හමුවෙයි

0

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් සිදුව තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් Twitter සටහනක් තබමින් සඳහන් කරන්නේ අද (28) උදෑසන මෙම හමුව සිදුවූ බවයි.

එම සාකච්ඡාවේදී ආර්ථික තත්ත්වය හා ඉන්දියාවේ සහයෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව එම සටහන මඟින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

අදාළ Twitter සටහන –

“මුදල් ඇමති කියන විදිහට සහන දෙන්න බෑ” – වි.රාධාක්‍රිෂ්ණන්

0

මුදල් අමාත්‍යවරයා පවසන පරිදි උත්සව සමයේ රටේ ජනතාවට සහන ලබාදීමට රටේ පවතින ආර්ථික ගැටලුව නිසා නොහැකි බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් පවසනවා.

රටේ පවතින ඩොලර් හිඟයත් සමඟ පවුලේ සමාජිකයන්ට ගැස්, ඉන්ධන, කිරිපිටි ඇතුළු විවිධ පෝලිම් වල රැදි සිටිමට සිදු වි ඇති බවයි. ඒ අතර රටේ ඇතැම් පුද්ගලයන් මේ රටේ ජිවත් විමට නොහැකිව ඉන්දියාවට සරණාගතයින් ලෙස පලා යන බවයි මන්ත්‍රීවරයා කියන්නේ. රටේ පවතින ආර්ථික ගැටලුව හේතුවෙන් වතු කම්කරුවන්ද දැඩි පිඩාවට පත් වි ඇති බව ඔහු පවසනවා.

වතු කම්කරු පවුලකට කිලෝ 15 ක තිරිගු පිටි සහනාධාරයක් දෙන බව ආණ්ඩුව කීවත් එය එකම එක අවස්ථාවක පමණක් රජය මගින් ලබාදුන් බවයි මන්ත්‍රී රාධාක්‍රිෂ්ණන් කියන්නේ. දැන් වන විට තිරිගු පිටි කිලෝවක් මිල දි ගැනිමට නොහැකි තත්ත්වයකට වත්මන් රජය වතු කම්කරු ජනතාව පත් කර ඇති බව ඔහු කියනවා.

ඔස්කාර් වේදිකාවේ කම්මුල් පහර

94 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, හොලිවුඩ් පුරයේ, ‘ඩොල්බි’ රගහලේදී පැවැත් වුණා.

මෙහිදී 2021 වසරේ තිරගත වූ “King Richard” චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් දිනාගැනීමට සමත් වූ අතර, සම්මාන උළෙල අතර තුර විල් ස්මිත් වේදිකාවට ගොඩවී, සම්මාන උළෙලේ නිවේදන කටයුතු මෙහෙයවමින් සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට කම්මුල් පහරක් එල්ල කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ස්මිත් ඔස්කාර් වේදිකාවට ගොස් ක්‍රිස් රොක්ගේ මුහුණට එලෙස වැරෙන් පහර එල්ල කරන්නේ, නිවේදකයා සිය බිරිඳ වන පින්කෙට් ස්මිත්ගේ කොණ්ඩ මෝස්තරය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශයක් හේතුවෙනුයි.

ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින අතර ඇය ඒ හේතුවෙන් සිය හිස බූ ගා සිටියා.

වේදිකාවේ සිටි ප්‍රහසන නළු ක්‍රිස් රොක්​ට එය විහිළුවක් වූ අතර ඔහු දිගින් දිගටම ජේඩා විහිළුවට ගත් අතර එය විල් ස්මිත්ගේ කෝපයට බදුන් විය.

පසුව විල් ස්මිත් වේදිකා​වට ගොඩ වී, ක්‍රිස් රොක්​ අසලට ගොස් ක්‍රිස් රොක් ට කම්මුල් පහරක් එල්ල කරනු ලැබූ අතර එය සම්මාන උළෙල හරහා සජීවී ලෙස විකාශය කෙරුණා.

ජේඩා පින්කෙට් හිස කෙසේ ගැලවී යෑමේ ‘ඇලොපෙසියා’ නමැති රෝගී තත්ත්වයකින් පෙළෙන අතර ඇය එම රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනා ගැනීම සිදුවූයේ 2018 දී යි. තමන් ‘​ඇලොපෙසියා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බව ජේඩා පින්කෙට් විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මුල් අවස්ථාවේදී මෙම පහරදීම විහිළුවක් සේ පෙනුනද එය විහිළුවක් නොවන බව පසක් වන්නේ, පහර දීමෙන් පසු යළි සිය අසුන වෙත ගොස් ස්මිත් හඩ නඟා කළ ප්‍රකාශයත් සමගයි.

ඔහු එහිදී කෑ ගසා කියා සිටියේ තමන්ගේ බිරිඳගේ නම ඔබේ කටින් යළි ප්‍රකාශ නොකරන්න යනුවෙනුයි.

කෙසේ වුවද හොඳම නළුවාට හිමි සම්මානය ලැබීමෙන් අනතුරුව සම්මාන රාත්‍රීය අමතමින් විල් ස්මිත් උත්සව සභාවෙන් සමාව ඉල්ලා සිටියා.

“බැසිල්ව පරද්දන්න බෑ” – ගාමිණී ලොකුගේ

0

කෙතරම් ප්‍රහාර එල්ල වුවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා කියා සිටින්නේ උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන හිටපු අමාත්‍යවරුන් කෙතරම් උත්සහ කළද බැසිල් රාජපක්ෂ ඇමරිකාවට යැවිය නොහැකි බවයි.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව සඳහන් කළේ උත්සව සභාවක් අමතමිනුයි.

“රුසියාවට ජය ගන්න බැහැ” – ඇමරිකානු ජනපති

0

රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ ඇමරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට බලයේ රැඳී සිටිය නොහැකි බවයි.

ඔහු උපායමාර්ගික වශයෙන් අසාර්ථක යුද්ධයක් ගෙනයන බව ද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

සිය හඬට සවන් දෙන්නැයි ඇමරිකානු ජනාධිපතිවරයා, රුසියානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, යුක්‍රේන ජනතාව පීඩාවට පත්කිරීම ජාතික ක්‍රියාවක් නොවන බව ද අවධාරණය කරමිනුයි.

රුසියානු ජනතාව, ඇමරිකාවේ හෝ ලෝකයේ සතුරන් නොවන බව ද ජෝ බයිඩන් මෙහිදී ප්‍රකාශ කර සිටියා.

විලැද්මීර් පුටින් බලයේ සිටින්නේ ද නැද්ද තීරණය කරන්නේ ජෝ බයිඩ්න් නොව සිය පුරවැසියන් බව, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා තිබෙනවා.

මේ අතර සිවිල් ආරක්ෂක ආධාර ලෙස යුක්‍රේනයට අමතර ඩොලර් මිලියන 100 ක් ලබාදෙන බව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසන්නේ දේශසීමා ආරක්‍ෂාව, සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් ස්ථිරව පවත්වා ගැනීම හා රජයේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එම ආධාර ලබාදෙන බවයි.