Home Blog Page 150

“බැසිල් රාජපක්ෂ රට පාලනය කරන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු නිසා” – උදය ගම්මන්පිල

0

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ වැදගත් තනතරු දැරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට අද රට පාලනය කිරීමට හැකියාව ලැබී ඇත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදුවූ අඩුපාඩු නිසා බවයි.

ඒ අනුව 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියෙකුට රජ්‍යයේ කිසිඳු වැදගත් තනතුරක් දැරීමට ඇති අවස්ථාව තහනම් කීරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරනවා.

මේ බව සඳහන් කළේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

හිටපු ජනාධිපතිට නිවස පැවරීමට එරෙහිව අධිකරණ නියෝගයක්

0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ 07 පැජට් පාරේ පිහිටි නිවස පැවරීම තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය අද (29) ලබා දුන්නා.

පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම නතර කිරීම පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිගේ අවධානය

0

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජේ. ජයිශංකර් පේරාදෙනිය ශික්ෂණ රෝහලේ ශල්‍ය කර්ම නතර කිරීම පිළබදව සිය අවධානය යොමු කර තිබෙනවා. 

ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ ඇමතිවරයා සඳහන් කරන්නේ මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බවත්, එබැවින් අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාවට මේ සම්බන්ධයෙන් උපකාර කළ හැකි ආකාරය පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන් බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ජා කර ඇති බවත් එහිදී අඛණ්ඩව ශල්‍යකර්ම සිදුකරගෙන යාමට අවශ්‍ය සහය ලබාදීමට පොරොන්දු වී ඇති බවද වාර්තා වනවා.

මේ අතර පේරාදෙණිය රෝහලේ දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කර සිටිනවා.

පසුගිය මාසය සදහා සෞඛ්‍ය කාර්‍යමණ්ඩලය සදහා ගෙවියයුතු වැටුප් සදහා ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් සිදු නොවූ බැවින්, තාවකාලිකව සැපයුම්කරුවන් සදහා ගෙවීමට වෙන් කල මුදල වැටුප් සදහා යොදවා ගැනීම මගින් උග්‍ර වී ඇති අත්‍යවශ්‍ය සැපයුම් පිළිබද අර්බුධය මේ තත්වය ඇතිවීමට හේතු වී තිබෙනවා.

රැවුල නැතිනම් ඇෆ්ගනිස්තාන රජයේ සේවකයන් සේවයෙන් නෙරපයි

0

මුහුණ පුරා රුවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබෙනවා.

ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු බව තලේබාන් රජයේ ‘ශීල ප්‍රචාරණය හා දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ මීට පෙර අවස්ථා ගණනාවකදී ඇෆ්ගන් රාජ්‍ය සේවකයන්ට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

‘ශීල ප්‍රචාරණය හා දුර්ගුණ වැලැක්වීම පිළිබඳ අමත්‍යාංශය’ යනු ඇෆ්ගන් වැසියන් තුළ ආගමික ගෞරවය ස්ථාපිත කිරීමටත් යහපත් ශිෂ්ට සමාජයක් බිහි කිරීමටත් ස්ථාපිත කළ අමත්‍යාංශයක් බව තලේබාන් රජය පැහැදිලි කර තිබෙනවා.

ඊයේ (28) සිට කාබුල් අගනුවර අමත්‍යංශවල රාජ්‍ය සේවකයන් රුවුල වවා තිබෙනවාද නැද්ද යන්න සෙවීමට නිලධාරීන් කණ්ඩායම් යෙදවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නියෝජිතයින් ඉන්දීය විදේශ ඇමති හමුවෙයි

0

මනෝ ගනේෂන්, දිගම්බරන්, වී. රාධක්‍රිෂ්ණන්, උදය කුමාර් යන අයගෙන් සමන්විත දෙමළ ප්‍රගතිශීලී සන්ධානය(Tamil Progressive Alliance – TPA) නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මුණගැසී තිබෙනවා.

එහිදී ඉන්දියානු සම්භවයක් ඇති මෙරට දෙමළ ප්‍රජාවගේ සමාජ-ආර්ථික ගැටලු සාකච්ඡා කළ බවයි ඉදීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයේ 3 වන දින විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් දෙමළ ජාතික සන්ධානයේ (TNA) සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) සාමාජිකයින් හමුවී විවිධ ගැටලු සහ අභිලාෂයන් සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍යත් වාර්තා කරනවා. “සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ අභිමානය” සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටුවීම පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සිය ට්විටර් පණිවිඩයෙත් සඳහන් කර තිබෙනවා.

“ඉන්දියාව, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා සමඟ සංවර්ධන හවුල්කාරිත්වය සඳහා කැපවී සිටී” යි එහි වැඩි දුරටත් සඳහන් වෙනවා.

තම නියෝජිතයින් අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සමඟ ප්‍රගතිශීලී සාකච්ඡාවක් පැවැත්වූ බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පවසනවා. “ඉන්දීය දෙමළ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අභිලාෂයන් සඳහා, ශ්‍රී ලංකාවේ පූර්ණ පුරවැසියන් ලෙස ප්‍රධාන ප්‍රවාහයට පැමිණීම සඳහා ඉන්දීය සහාය ඉල්ලා සිටිය බව ඔහු කියනවා.

ඖෂධ හා උපකරණ හිඟය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නවතී

0

පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. අර්ජුන තිලකරත්න විසින් ඊයේ (28) දිනැතිව රෝහල් සියලුම උපදේශක වෛද්‍ය නිලධාරීන්, උපදේශකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ ඉහල බලධාරීන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපියෙන් පවසා ඇත්තේ ඖෂධ සහ භාවිතා කරන පරිභෝජන භාණ්ඩ කිහිපයක හිඟයකි සියලුම සාමාන්‍ය සැත්කම් තාවකාලිකව නතර කරන ලෙසයි.

රෝහලේ ඇතැම් ඖෂධ තොගය රෝගීන් කිහිප දෙනෙකුට පමණක් ප්‍රමාණවත් වන බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සිය ලිපියේ දක්වා ඇත්තේ. රෝහල් කළමනාකරණ කමිටු රැස්වී මෙම ගැටලුව සාකච්ජා කරන ලද අතර එහිදී ගත තීරණයක් අනුව සාමාන්‍ය සැත්කම් තාවකාලිකව නතර කරන ලෙසයි පවසන්නේ.

මේ පිළිබඳව කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ‘තත්වය අපේ පාලනයෙන් ඉවතව යනවා. අපට කළහැකි දෙයක් නැහැ. රෝගීන් වගේම අපිත් අසරණයි’ යනුවෙන්.

අඩු ආදායම්ලාභීන්ට අලුත් අවුරුද්දට රු. 5,000ක්

0

උත්සව සමය සඳහා අඩු ආදායම්ලාභී පවුල් සඳහා විශේෂ දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසන්නේ එක් පවුලකට රුපියල් 5,000 බැගින් මාස දෙකක කාලයකට මෙම දීමනාවල ලබා දෙන බවයි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 6 කට අත්සන් තබයි

0

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්ගේ ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තබා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ ඊයේ (28) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී අදාළ ගිවිසුම් අත්සන් කිරීම සිදුකර ඇති බවයි.

ඒ අනුව ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍ර ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක නවීකරණ පරිගණක විද්‍යාගාර පිහිටුවීම, සුෂ්මා සුරාජ් විදේශ සේවා ආයතනය හා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

හාල්, සීනි, පරිප්පු, මිරිස් බාහාලුම් දහසක් කොළඹ වරායේ

0

හාල්, සීනි, පරිප්පු, මිරිස් අඩංගු බාහාලුම් දහසක් පමණ කොළඹ වරායේ ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කරන්නේ ඒවා කඩිනමින් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවයි.

මේ අතර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අතිරික්ත ආහාර තොග රැස් කර ගැනිමට ඩොලර් හිඟය බාධාවක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වුවද ආහාර තොග ප්‍රමාණවත් ලෙස ආනයනය කර ඇතැයි ඔහු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

වෛද්‍ය උපකරණ කිහිපයක මිල ඉහළට

0

ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ වෛද්‍ය උපකරණ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින්
නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (28) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මිල සංශෝධනය සිදුකර ඇති අතර අක්ෂි කාච, හෘද රෝගීන් සඳහා භාවිතා කරන ස්ටෙන්ට්, රුධිර ග්ලූකෝස් මාපක හා ඒ සඳහා භාවිතා කරන පරීක්ෂණ තීරු හා රුධිර ස්පන්ධනය මැනීම සඳහා භාවිතා කරන පල්ස් ඔක්සිමීටරවල මිල ගණන් මෙලෙස සංශෝධනය කර තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මස 19 වනදා ගැසට් පත්‍රයක් මඟින් සිදුකළ මිල සංශෝධනයට පසුව ඊයේ (28) දිනයේ සිට මෙම නව මිල සංශෝධනය සිදුකර ඇති බව සඳහන් වනවා.

සම්පුර්ණ ගැසට් නිවේදනය වෙත –

http://documents.gov.lk/files/egz/2022/3/2273-04_S.pdf