Home Blog Page 138

නොනිදන අරගලය තුන්වන දිනටත්

0

පසුගිය අප්‍රේල් මස 09 වනදා ගාලු මුවදොර පිටියේ ආරම්භ වූ මහජන විරෝධතාව අද (11) දිනයේ අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

ඊයේ (10) දිනයේදී ව්රෝධතාකරුවන් රැය පහන් කළේ ගාලුමුවදොර පිටිය අවට භූමියේ ඇටවූ තාවකාලික කූඩාරම් තුළ වීම විශේෂත්වයක් වනවා.

එමෙන්ම මහජන විරෝධතාවයේ නිරතව සිටින පිරිස විසින් ගාලු මුවදොර පිටියේ නව ගම්මානයක් සහිත පුවරුවක් ප්‍රදර්ශනය කර ඇති අතර එම ගමෙහි නම ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ “ගෝඨාගෝගම” ලෙසයි.

විරෝධතාවයේ නිරතව සිටින තරුණ පිරිස් සඳහා මහජනතාව ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත්වී කෑම බීම නවාතැන් පහසුකම්, ප්‍රථමාධාර ආදී සියලුම පහසුකම් සපයා තිබීම ද විශේෂත්වයක්.

“අන්තර්කාලීන ආණ්ඩුවක් ගැන කිසිදු සංවාදයක් ඇති වුණේ නෑ” – වාසුදේව නානායක්කාර

0

අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව කිසිදු සංවාදයක් ජනාධිපතිවරයා සමඟ ඇති නොවූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ආණ්ඩුවේ ස්වාධීන වූ බව කියන මන්ත්‍රීවරුන් 41 දෙනා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඊයේ (10) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේදී පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි. ඔහු කියන්නේ සාකච්ඡාව අවසන් එකඟතාවයකින් තොර සාකච්ඡාවක් වූ බවයි.එහෙත් යලි හමුවීමට එකඟව සාකච්ඡාව අවසන් වූ බව වාසුදේව මන්ත්‍රීවරයා පවසනවා.

එහෙත් ඊට පෙර ඊයේ (10) පස්වරුවේ ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව පක්ෂ 11 ලබාදුන් යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම කණ්ඩායමට ජනාධිපතිවරයා ආරාධනා කර ඇති බවයි. එමෙන්ම හිටපු ජනාධිඅපති, පොහොට්ටුවේ මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනද කියා සිටියේ තම කණ්ඩායම ජනාධිපතිවරයා හමුවන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව තමන් දුන් යෝජනා ක්‍රියාත්මක කිරීමට බවයි.

ඩොලරයේ අගය රුපියල් 330 ක් දක්වා ඉහළට

දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 330 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා තිබෙනවා.

ඉදිරි මාස 6ට ඩොලර් බිලියන 3ක් ඕන – මුදල් ඇමති

0

ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ මුදලක් අවශ්‍ය බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි රොයිටර්ස් පුවත්සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබෙනවා.

“මේ මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ශ්‍රී ලංකාව සූදානම් අතර ඒ හරහා ඩොලර් බිලියන තුනක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට අපේක්ෂා කරනවා.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරනවා, ජූලි මාසයේදී ගෙවීමට නියමිත ඩොලර් බිලියන 1 ක බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමටද රජය අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාවේ දළ ණය සේවාකරණය මේ වසරේ ඩොලර් බිලියන 7 ක් වන අතර ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 ක් පළමු ප්‍රමුඛතාවය වන්නේ ඉන්ධන, ගෑස්, ඖෂධ සහ විදුලිය සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්වයට පැමිණීමයි. එයින් ජනතා නැගිටීමට ආමන්ත්‍රණය කළ හැකියි, අපි ඉන්නේ කොහෙද කියලා අපි දන්නවා, එකම දේ සටන් කිරීම පමණයිඅපිට විකල්පයක් නැහැ. ලෙස මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.


මිට අමතරව ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගයක්, ඩොලර් බිලියන 1 ක් දක්වා ඒකාබද්ධ ණයක් සහ යම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් පිළිබඳව චීනය සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.

පාකිස්තානයේ අගමැති විශ්වාසභංගයෙන් ගෙදර යයි

0

පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වනවා.

ඒ ඊයේ (09) අග්‍රාමාත්‍ය ඛාන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව එරට පාර්ලිමේන්තුවේ ජාතික සභාව විසින් විවාදයට ගැනුණු අවස්ථාවේ දී ඔහුට එරෙහිව වැඩි ඡන්ද ප්‍රමාණයකින් එය සම්මත වීමත් සමඟයි.පකිස්ථාන පාර්ලිමේන්තු සභාවේ දී ඛාන්ට එරෙහිව වූ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම පැවැත්වූ අතර, ඔහුට එරෙහිව ඡන්ද 174ක් වාර්තා වුණා.

ඒ අනුව අගමැතිට එරෙහිව පකිස්ථාන දේශපාලන ඉතිහාසයේ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ පළමු අවස්ථාව ද මෙයයි.ඊට සුළු මොහොතකට පෙර ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන ටෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෙකු වන කථානායකවරයා ඉල්ලා අස්වුණා.නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කරගැනීම උදෙසා රැස්වන පාර්ලිමේන්තුව අද (10) දින පස්වරු 02කට රැස්වීමට නියමිතයි.පකිස්ථාන ආර්ථිකය වියවුල්කාරී තත්ත්වයකට ඇදවැටීමට හේතුව අදූරදර්ශී පාලනය බවයි එරට විද්වත් දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙනුයි ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට කෙරුණු යෝජනාවට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර හිමි වුණේ.පාකිස්ථාන ව්‍යවස්ථාදායක හෙවත් පාර්ලිමේන්තුව සභා ද්විත්වයකින් සමන්විත අතර, එය ජාතික සභාව සහ පහළ සභාව ලෙස හඳුන්වනවා.

69 හැවිරිදි ඉම් රාන් ඛාන් විශ්වාසභංග යෝජනාවට මනාප පළ වෙන අවස්ථාවේ දී සභාවේ නොසිටි අතර, ඔහුට සහාය පළ කරන්නන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ පා ගමනකට ඔහු ද එක්ව සිටීම මෙයට හේතුව බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මන්ත්‍රීවරුන් 342 දෙදෙනෙකුගෙන් සමන්විත ජාතික සභාව තුළ සිටි මන්ත්‍රීවරුන් 174 දෙනෙකු විසින් අදාළ විශ්වාසභංග යෝජනාවට සහාය හිමි වුණා.එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සමාජවාදී, ලිබරල් සහ රැඩිකල් ආගමික පක්ෂවල දේශපාලනඥයින් ද ඊට ඇතුළත්.අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉවත් කිරීමත් සමග දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, පකිස්ථාන දේශපාලන ඉතිහාසයේ කිහිපවතාවක් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ප්‍රබලයෙකු මුස්ලිම් ලීගයෙන් නව අගමැති ලෙස පත්වීමේ ඉඩකඩ වැඩි බවයි.

ඒ අනුව එරට විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් යළිත් අගමැතිවරයා ලෙසින් පත්වීමට අවස්ථාව ඇති බවයි.ඔහු තුන්වරක් පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ නවාස් ෂරිෆ්ගේ සොහොයුරායි.හිටපු අගමැති ඛාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගොනුවීමට තවත් චෝදනාවක් ගොනු වී තිබුණු අතර, එම චෝදනාව වූයේ, එරට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාවට පටහැනි ලෙසින් විසුරුවා හැරීමට කටයුතු කිරීමයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ පාකිස්තානය සහ එහි පාර්ලිමේන්තුව “අවසානයේ බරපතළ අර්බුදයකින් නිදහස් වූ” බවයි.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ “Congratulations to the Pakistani nation on a new dawn.” (නව උදාවකට පකිස්ථාන ජාතියට සුබ පැතුම්”) එක් කරන බවයි.

සිය ට්විටර් ගිණුමේ විපක්ෂ නායක ෂරීෆ් මෙසේ ද සිය ස්තුතිය පළ කර ඇත්තේ, රට අර්බුදයෙන් ගොඩගැනීමට දායක වූ මාධ්‍ය ආයතන මෙන්ම සෙසු බලකායන් වෙත ද සිය ප්‍රණාමය පුද කරමින්..,”Congratulations to all media bodies & civil society organizations on their struggle to get draconian PECA Ordinance declared as ‘unconstitutional’. It marks a great victory for our media & democratic forces. Last 4 years have witnessed unprecedented curbs on freedom of expression.

2018 වසරේ දී සිය අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වූ ඛාන් යනු පාකිස්ථානු ක්‍රිකට් ලෝලීන් දැඩි ලෙසින් ආදරය කරන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වනවා.ඛාන්ව දේශපාලනික මතධාරින්ගේ විවේචනයට භාජනය වූ තවත් කරුණක් වූයේ ඔහු විසින් විරුද්ධ පක්ෂ විදේශ බලවතුන් සමග කටයුතු කරන බවට ද චෝදනා කිරීමයි.ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ, තමන්ව ධුරයෙන් ඉවත් කිරීම විදේශීය කුමන්ත්‍රණයක් බවත්, එය පසුපස අමරිකාව සිටින බවත් ය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කෙරුණේ ඔහු රට ආර්ථික අගාධයකට ඇද දැමූ බවට චෝදනා කරමින්.කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය යටතේ රට තුළ යම් ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට ඔහු සමත්වූ බව නොරහසක්.

කෙසේ නමුත් පාකිස්ථානය පසුගිය කාලය තුළ සිය සංවර්ධන කටයුතු සඳහා චීනයට විශාල වශයෙන් ණයගැතිවීම එම තත්ත්වය සඳහා බලපා ඇති බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි.හිටපු අග්‍රාමාත්‍යවරයා රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය දියත් කරමින් සිටියදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට මොස්කව් වෙත ගොස් තිබුණා.

එහිදී ඉම්‍රාන් ඛාන් විසින් බුෂ් පරිපාලනය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ලෙස හැඳින්වූ කාරණය යළි යළිත් ප්‍රකාශ කිරීම විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහකට ද ලක් වුණා.මෙවන් පසුබිමකදියි ඉම්රාන් ඛාන්ට එරෙහිව පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද විමසීම ඊයේ දිනය දක්වා කල් තැබුණේ.ඊයේ ද කිහිපවතාවක්ම එය කල් දැමුණ ද, මධ්‍යම රාත්‍රියේ දී එය වැඩි ඡන්දවලින් සම්මත වුණා.

ඩීසල් ඉල්ලා ආණමඩුව මාර්ගය වසා දමයි

0

දින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කිරීමේන් ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් නැවතී ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා.

විරෝධතාවයෙ නිරත වුවන් පවසන්නේ ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා දීමට ඛනිජ තෙල් සංස්ථාව මග හැර ඇති බවයි.
මේ හේතුවෙන් තම වාහන වලට ඩීසල් සොයා ගැනිමට වෙනත් ඉන්ධන හල්වෙත ගොස් දින පහ,හය නිදි මරමින් කටයුතු කිරීමට සිදුව තිබෙනවා.

මෙම ඉන්ධන හලෙන් ඩීසල් ලබා ගැනිමට පැමිණි වාහන හිමිකරුවන් එහි කළමණාකාරිත්වයෙන් කළ විමසීමේදි පවසා ඇත්තේ ඩීසල් සඳහා මේ වන විට මුදල් ගෙවා ඇතත් ඩීසල් ලබා නොදුන් බවටයි.

පොලීසිය මෙම පිරිස සමග සාකච්ජා කරමින් මාර්ගයෙන් ඉවත් කර ගැනිමට උත්සහ ගත්තද එය සාර්ථක නොවීම නිසා විකල්ප මාර්ග වලින් වාහන ගමන් කරවීමට සලස්වන ආකාරය දැක ගත හැකි වුණා.

අප්‍රේල් 11, 12 දා නිවාඩු දින ගැන මහ බැංකුවේ නිවේදනය

අප්‍රේල් 11 දා හා 12 දා රජය විසින් ප්‍රකාශයට පත්කළ විශේෂ රජයේ නිවාඩුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

“බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.” යැයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරේ

0

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රීඩක ක්‍රිස් සිල්වර්වුඩ් පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

සිල්වර්වුඩ්, 2019 ඔක්තෝම්බර් මාසයේදී එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරන ලද අතර, 2019 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තය දිනා ගන්නා විට එවකට ප්‍රධාන පුහුණුකරු ට්‍රෙවර් බේලිස් යටතේ සේවය කළ එංගලන්ත ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා.

සිල්වර්වුඩ් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග හයක් සහ එක්දින තරග හතක් ක්‍රීඩා කළ අතර යෝක්ෂයර් සහ මිඩ්ල්සෙක්ස් වෙනුවෙන් ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කළා .

ඔහුගේ ක්‍රීඩා දිවියෙන් පසු, ක්‍රිස් පුහුණුකරු ලෙස කටයුතු කර, සිම්බාබ්වේහි මෂෝනලන්ඩ් ඊගල්ස් භාරගත අතර, එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ඉතා සාර්ථක ලෙස කටයුතු කිරීමට පෙර සිය මංගල ලෝගන් කුසලානය දිනා ගත්තා.

එසෙක්ස්හිදී, ක්‍රිස් සමාජය භාරව සිටි ඔහුගේ පළමු වසර තුළ සමාජයේ ප්‍රවර්ධනයට උදව් කර ඇති අතර වසර 25කට පසු 2017 දී ප්‍රාන්ත ශූරතාව දිනා ගැනීමට මෙහෙයවා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ ඔහුගේ පළමු තරඟය වනුයේ එළඹෙන බංග්ලාදේශයේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියයි. ඔහු වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් ගත ව තිබෙනවා.

“ශ්‍රී ලංකාව සමඟ යාමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වන අතර කොළඹට පැමිණ ආරම්භ කිරීමට මට බලා සිටිය නොහැක. ඔවුන්ට දක්ෂ හා උද්‍යෝගිමත් ක්‍රීඩකයින් පිරිසක් සිටින අතර ක්‍රීඩකයින් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ ඉතා ඉක්මනින් හමුවීමට මම බලාපොරොත්තු වෙමි, ” ක්‍රිස් සිල්වර්වුඩ් කියා සිටිනවා.

පොලිසියේ සහයට හමුදව ලබා දෙන්න – මහජන ආරක්ෂක අමාත්‍යාංශය

0

අවශ්‍ය අවස්ථාවකදී පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා දෙන්නැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

එමෙන්ම, සංවිධානය කෙරෙන විරෝධතා සාමකාමීව ක්‍රියාත්මක කරන්නැයි සෑම පාර්ශ්වයකින්ම ඉල්ලීමක් කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් පවසන්නේ.

මේ අතර, අද (09) කෙළඹ හා ඒ ආසන්න ප්‍රදේශවල රථ වාහන රාජකාරි සඳහා අවශ්‍යතාව මත යෙදවීමට අතිරේක පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි ද, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරනවා.

ඖෂධ මිල වැඩි කරන්න අවසර දෙනවා – ඖෂධ නියාමන අධිකාරිය

0

ආනයනික ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබෙනවා.

මෙම අවසරය මත මීට පෙර මිල වැඩි කර ඇති ඖෂධවල මිල වැඩි කළ නොහැකි බව ද ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.