මාධ්‍යවේදී චමුදිතගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක්

හිරු රූපවාහිනියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල පිහිටි නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියනවා. ඔහු පදිංචි නිවාස පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

චමුදිත සමරවික්‍රම සඳහන් කළේ තම නිවස පිහිටි නිවාස සංකීර්ණයට අද අලුයම පැමිණි සිව් දෙනකුගෙන් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. සුදු වෑන් රථයකින් පැමිණ එම පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ගේට්ටුව බලයෙන් විවෘත කර එහි සිටි ආරක්ෂක නිළධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර බිය වද්දා තම නිවසට පැමිණ ඇති බව ද ඔහු පැවසුවා.

එසේ පැමිණි පුද්ගලයන් තමන් නිවසට ගල්මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කළ යුතු බව පැවසූ චමුදිත සමරවික්‍රම වෙඩි ශබ්ද කිහිපයක්ද ඇසුණු බව ද පවසනවා.


සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියනවා.

POPULAR

Recent articles