“මේ අභියෝග මතින් එක්ව නැගී සිටිය යුතු කාලයයි” – අගමැති

මේ එළඹ තිබෙන්නේ අභියෝග මතින් එක්ව නැගි සිටිය යුතු කාලයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටිනවා.

සිය නිවේදනය මගින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ එකිනෙකාට ගරු කරන, අනෙකාගේ පැවැත්මට බාධා නොකරන සමාජ පරිවර්ථනයක් තුළින් නිදහසේ අරුත තවදුරටත් පුළුල් කර ගත හැකි යැයි තමා විශ්වාස කරන බවයි.

එමෙන්ම දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික, ආගමික, මාධ්‍ය යනාදි සකල විද අභ්‍යන්තර නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කිරිම අවශ්‍යයෙන්ම කළ යුතු බව 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිඩිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අවස්ථාවාදය හා බලලෝබිත්වය කරපින්නා ගත් පටු චින්තනය ඉවත් කොට සැබෑ කැපවිමකින් මාතෘ භුමියේ චිර පැවැත්ම වෙනුවෙන් ප්‍රායෝගික න්‍යාය පත්‍රයක පිහිටුවා කටයුතු කිරීම මේ මොහොතේ පළමු ,දෙවන හා තෙවන ප්‍රමුඛතාවන් විය යුතු බව විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් වනවා.

POPULAR

Recent articles