ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වන එම්. එම්. සී. ෆර්ඩිනැන්දු එම තනතුරින් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබෙනවා.

අද එනම් 2022 ජනවාරි 26 වෙනිදා දිනැතිව ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙන එම ලිපියෙන් ඔහු පවසා ඇත්තේ තමන් 2022 පෙබරවාරි 01 වෙනිදා සිට ලංවිම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවා ඇති මෙම ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු තවත් 11 දෙනෙක් වෙත පිටපත් යොමු කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත තමා ඉල්ලා අස්වන බවයි සභාපතිවරයා තම ඉල්ලා අස්වීමේ ලිපියේ පවසා ඇත්තේ.

POPULAR

Recent articles