විදුලි කප්පාදුවක් නැහැ – විදුලිබල ඇමති

ඉදිරියේ දි විදුලි කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග අද (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර ඉන්ධන නෞකා දෙකකට ඩොලර් ගෙවීමට රජය තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල එම සාකච්ඡාවෙන් අනතුරුව පැවසුවා.

එමෙන්ම බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ විදුලිබල මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක ණය ගෙවීම සඳහා මුදල් ලබා දෙන ලෙස ජනපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන් බවයි.

POPULAR

Recent articles