කටාර්වල සිරවුනු ශ්‍රී ලාංකිකයින්

කටාර්වල සිරවුනු ශ්‍රී ලාංකිකයින්

කොරෝනා වසංගතය හේතුවෙන් කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් 300 ක් පමණ මෙරටට ඒමට නොහැකිව අපහසුතාවට පත්ව තිබෙනවා .
තමන් හැකි ඉක්මනින් ගෙන්වා ගන්නා ලෙස දන්වමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලියූ ලිපියක්, දොහා නගරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වෙත ලබා දෙමිනුයි ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ.

මෙම පිරිස අතර මාස හතරක පමණ කාලයක් අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පෙළෙන පුද්ගලයින්ද වන අතර මේ වන විට ඔවුන්ගේ රැකියාද අහිමි වී තිබෙනවා .
තාවකාලිකව කුවේට් රාජ්‍යයට ඇතුල් වූ පිරිස අධික හෙයින් ඔවුන් හැකි ඉක්මනින් ගෙන්වා ගන්නා ලෙසයි අදාළ ලිපිය මගින් දන්වා ඇත්තේ.
මේ වන විට නවාතැන් පහසුකම්ද අහිමිව තිබෙන එම පිරිස ආහාර අර්බුධයකටද මුහුණ පා තිබෙනවා .
එහෙත් එරට තානාපති කාර්‍යාලයේ නිලධාරීන් පවසා ඇත්තේ තවත් මාස දෙකක් පමණ පියවරක් ගන්නා තෙක් කෙසේ හෝ ඉවසා සිටිය යුතු බවයි.

අදාළ අවස්ථාවට එතෙර අපි සංවිධානයේ කටාර් ශාඛාවේ සභාපති අරුණ රුවන් කුමාර මහතාද පැමිණි අතර එම ලිපියෙහි පිටපතක් ඔහුටද ලබා දී තිබෙනවා .
රුවන් කුමාර මහතා සඳහන් කළේ මේ සඳහා අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ලංකා රජයට බල කරන අතර මෙම පිරිසට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබා දෙන බවයි.

POPULAR

Recent articles