කරුණා සීඅයිඩීයට ගෙන ඒම දේශපාලන නාට්‍යයක් – හරීන්

කරුණා සීඅයිඩීයට ගෙන ඒම දේශපාලන නාට්‍යයක් – හරීන්

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියදී එක් දිනක් තුළ හමුදා සෙබළුන් දෙදහසක් පමණ ඝාතනය කළ බවට පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැන් තමාව අත්අඩංගුවට ගත නොහැකි බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් තරඟ කරන කරුණා අම්මාන් මහතා පවසනවා .
ඒ සම්බන්ධයෙන් පුවත්පතක් විසින් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

‘කොරෝනාවට වඩා තමා භයානක බව හා එක් දිනක් තුළ හමුදා සෙබලුන් දහස් ගණනක් ඝාතනය කළ බවට තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් තමා ස්තාවරයේම සිටින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසන්නේ කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. පන්සලේ ගිනිඅවියක් තිබීම හේතුවෙන් ඌවතැන්නේ හාමුදුරුවෝ ජීවිතාන්තය තෙක් සිරගත කර ඇති බැවින්, ආයුධ භාවිත කර දහස් ගණනක් මිනිස් ඝාතනයන් සිදු කළ කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීමට අගමැති ,ජනපති හා නීතිපති වහාම ක්‍රියාත්මක විය යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ .

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ කරුණා අම්මාන් ත්‍රස්තවාදී නායකයකු ලෙස කටයුතු කරමින් සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක් බවයි. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් .

තවද කරුනා අම්මාන් වහාම අත්අඩංගුවට නොගතහොත් සතියක් තුල තමන් පාරට බහින බව සමගි ජනබලවේගයේ අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කෙසේ වෙතත් කරුණා අම්මාන්ගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත්තේ.

#A5_News_SriLanka

එක්වන්න ප්‍රධාන පුවත් විකාශය සමඟ !

https://www.facebook.com/A5News.lk/
https://www.youtube.com/channel/UCclzQ9EPOBAU0mWHR9KmjQQ?fbclid=IwAR0msOkwB8UFJ9FQVeFqGm9Sm1-dMCkQzP19wNIVKPTjpnrtxCKF-hFv4gs

POPULAR

Recent articles