”මනඃකල්පිත චෝදනාවලට අත්අඩංගුවට ගන්න එපා” – වෛද්‍ය වෘත්තිකයින් රජයට කියයි

මනඃකල්පිත චෝදනාවලට මුවාවී සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන ලෙස පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංවිධානය (Medical Professionals for System Change) රජයෙන් ඉල්ලා සිටිනවා.

එම වෘත්තිකයින් අතරට මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, ආචාර්ය එම්.කේ. රාගුනාදන් ඇතුළු ප්‍රවීණ වෛද්‍ය වෘත්කයින් රැසක් අයත් වනවා.

බලධාරින්ට සුපුරුදු පරිදි කටයුතු කරගෙන යාමට ඉඩ නොතබා ගතහැකි සියලු සාමකාමී ක්‍රියාමාර්ග තුළින් විරෝධය දක්වන ලෙස පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් විසින් සිවිල් සමාජ කණ්ඩායම් සෙසු සංවිධාන හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

POPULAR

Recent articles