”වැඩක් නැති රාජ්‍ය සේවකයින් ලක්ෂයකටත් වඩා ඉන්නවා” – රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්

කිසිදු කාර්යභාරයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ කියා සිටිනවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට රාජ්‍ය සේවයේ ලක්ෂ 16කට ආසන්න පිරිසක් සේවය කරන බවත් රාජ්‍ය සේවයේ තුනෙන් එකක පිරිසක් කම්කරු, රියදුරු හා කාර්යාල කාර්ය සහයක සේවකයින් බවයි.

නිශ්චිත තනතුරක් නොමැතිව බඳවාගත් පිරිසක් රාජ්‍ය සේවය තුළ සිටින බවත් දැනට සිටින රාජ්‍ය සේවකයින් අතුරින් තුනෙන් එකක පිරිසක් නොමැති වුවද රාජ්‍ය සේවය පවත්වාගෙන යා හැකි බවත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

POPULAR

Recent articles