පොදු පාසල් බස් රථ සේවාව අගෝස්තු 1 වනදා ඇරඹේ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා සඳහන් කළ පරිදි බස් රථ 40 ක් පමණ අගෝස්තු පළවනදා සිට සාමාන්‍ය ගාස්තුව යටතේ බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වනු ඇත.

කොළඹ ප්‍රධාන පාසල් සහ ගම්පහ කළුතර හොරණ හෝමාගම මහරගම වැනි ප්‍රදේශවල තිබෙන ප්‍රධාන පාසල් සහ ඒ අවට ඇති අනෙකුත් පාසල්වල දරුවන්ගේ ගමන් පහසුව සැලසීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

POPULAR

Recent articles