ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සහාය දෙනවා – ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පවසා තිබෙනවා.

ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපති වරයා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (20) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව ඇය වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles