මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට

නවතම එක්දින හා විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ (15) ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව මීට මාස කිහිපයකට පෙර ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මේ වන විට 07 වන ස්ථානයේ රැදී සිටිනවා.

මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 08 වන ස්ථානය දක්වා ස්ථාන 16 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එසේම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් නිස්සංක එක් ස්ථානයකින් පසුබැස ඇත්තේ 09 වන ස්ථානය දක්වායි.

POPULAR

Recent articles