මානව හිමිකම් සැසිය ඇරඹේ

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය අද (12) සුවිස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.

සැසිය ලබන මස 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද (12) දිනයේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇමතීමට නියමිත වීම ලංකාවට විශේෂත්වයක් වනවා.

එම සැසියට සහභාගිවීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ , නීතිපති දෙපාර්තමේන්තුවේ හා විදේශ අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ද ඇතුළත් වනවා.

මේ අතර එම සැසියට සහභාගිවීම සඳහා සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහ්මාන්, වෛද්‍ය කාවින්ද ජයවර්ධන හා නීතිඥ එරන්ද වැලිඅංගේ යන අයද ජිනීවා නුවර බලා පිටත්ව ගියා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිවේදනය කළේ, වසර ගණනාවක් සිය සංගමයේ නීතිමය කටයුතුවලට හා ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී මැදිහත්වීමත් නිසා නුවන් බෝපගේ හට ජිනීවා සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලැබී ඇති බවයි.

ඒ සඳහා ඔහු පෙරේදා ජිනීවා නුවර බලා පිටත්ව යනු ලැබුවා.

එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට එල්ල වී ඇති මර්දනය පිළිබඳව ඔහු ජාත්‍යන්තරය දැනුවත් කිරීමට නියමිතයි.

POPULAR

Recent articles