ඉන්ධන නැවට ඩොලර් ගෙවීම තවදුරටත් ප්‍රමාදයි

මෙරටට ළඟා වූ ඉන්ධන ‍නෞකාව සඳහා මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 42 සොයා ගැනීමට මෙතෙක් නොහැකි වූ බවත් හෙට (18) දිනයේ එම මුදල් ගෙවීමට සැලසුම් කර ඇති බවත් බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සඳහන් කරනවා.

කෙසේ වුවද ඩීසල් මෙට්‍රික් ටොන් 22,000 ක් හා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් එම නෞකාව දිවයිනට ළඟා වි ‍මේ වනවිට දින 05 ක් ගතව තිබෙනවා.

එහෙත් අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට ‍නොහැකි වීමෙන් නැවේ ඉන්ධන ගොඩබෑමට හැකියාව ලැබී නොමැති අතර බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරිය පැවසුවේ මේ වනවිට දෛනික ඉන්ධන ඉල්ලුම මෙට්‍රික් ටොන් 9000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් බොහෝ පිරවුම්හල් අසල පෝලිම් පවතින බව ද ඇය ප්‍රකාශ කරනවා.

ලේකම්වරිය පැවසුවේ මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාවෙන් දෛනිකව ඉන්ධන මෙට්‍රික් ටොන් 7000 ක් නිකුත් කරන බවයි.

POPULAR

Recent articles