ජාතික ආර්ථික සභාවට උපදෙස් දීමට විශේෂඥ කමිටුවක්

ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාවක් පත්කළ අතර එම සභාවට උපදෙස් දීම සදහා මෙම විශේෂඥ කමිටුව පත් කර තිබෙනවා.

මෙම උපදේශක කමිටුවට විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් ඇතුළු ආර්ථික විශේෂඥයින් පිරිසක් පත් කර ඇති අතර එම ජාතික ආර්ථික සභාව පළමු වරට ඊයේ (14) රැස් වුණා.

එමෙන්ම එම සභාව අද (15) දිනයේද යළි රැස්වීමට නියමිත අතර මෙම විශේෂඥ කමිටුවේ නියෝජිතයින්ද ඊට සහභාගි වීමට නියමිතයි.

POPULAR

Recent articles