Home Blog Page 146

සමාජ මාධ්‍ය තහනමින් පැනලා ඇමති නාමල් VPN පාවිච්චියේ

0

සියලුම සමාජ මාධ්‍ය ජාලා පාහේ අවහිර කර තිබෙන අවස්ථාවක අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සිය ට්වීට් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා. ඔහු පවසන්නේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට තමන් අනුමත නොකරන බවයි.

“සමාජ මාධ්‍ය අවහිර කිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මම දැන් භාවිතා කරන ආකාරයටම VPN ලබා ගැනීම නිසා එවැනි තහනම් කිරීම් සම්පූර්ණයෙන්ම නිෂ්ඵල කරයි. මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මීට වඩා ප්‍රගතිශීලීව සිතා මෙම තීරණය නැවත සලකා බලන ලෙසයි” ඔහු සිය ට්වීට් පණිවිඩයෙන් පවසනවා.

කොළඹට ආරක්ෂාව තද කර ගනියි

0

ඊයේ (02) සිට මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව කොළඹ නගරයට දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක් ගෙන තිබෙන බව පැවසෙනවා. මාර්ග බාධක දැඩි කොට මෙම ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි කියන්නේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ආණ්ඩුවට එරෙහිව විරෝධයේ

0

වත්මන් පාලනයට එරෙහිව විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ විසින්ද විරෝධතාවයන් දියත් කර ඇති බව පැවසෙනවා. නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් මේ වන විටත් එරට සිට විරෝධයේ නිරත වන බවයි කියන්නේ.

මොන තත්වයක් යටතේ හෝ මේ දුෂ්ඨ පාලනය පළවා හරිමු

0

ජනතාවගේ මූලික අවශ්‍යතා කිසිවක් ලබාදීමට නොහැකිව ජනතාව විශාල පීඩාවකට පත් කර ඇති රාජපක්ෂ පාලනය, තම පාලනයට එරෙහිව නැගී එන ජනතා විරෝධයට මුහුණදී ගත නොහැකිව ඒවා මර්දනය කිරීම සඳහා මර්දන නීති පැනවීමට පටන්ගෙන තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ‘ජනතා අරගල මැඩීමට මර්දන නීති පැනවීම හෙළාදකිමු!’ යන ශීර්ෂයෙන් යුතුව ඔවුන් විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ නිවේදනය මෙසේයි.

“ජනතාවගේ මූලික අවශ්‍යතා කිසිවක් ලබාදීමට නොහැකිව ජනතාව විශාල පීඩාවකට පත් කර ඇති රාජපක්ෂ පාලනය, තම පාලනයට එරෙහිව නැගී එන ජනතා විරෝධයට මුහුණදී ගත නොහැකිව ඒවා මර්දනය කිරීම සඳහා මර්දන නීති පැනවීමට පටන්ගෙන ඇත. පළවෙනිදා රාත්‍රී හදිසිනීතිය බලාත්මක කළ ආණ්ඩුව දැන් ඇඳිරිනීතියද පනවා තිබේ. ඒ ජනතා විරෝධතා වැළැක්වීමටය.

ආණ්ඩුවේ මෙම බියගුලු හා ජනතා විරෝධී, මර්දනකාරී පිළිවෙත දැඩි ලෙස හෙළාදකින අපි හදිසිනීතිය ඇතුළු සියලු මර්දන නීති වහා හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමු.

ජනතාවගේ සාධාරණ විරෝධයන් හා සටන් මර්දන නීතිවලින් යටපත් කළ නොහැකි බව ලොව පුරා අත්දැකීම්වලින් පෙන්වා දී තිබේ. ජනතාවට සිය සාධාරණ අයිතීන් වෙනුවෙන් විරෝධය පෑමට හා අරගල කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අපි මෙම දුෂ්ඨ පාලනය පලවා හැරීම සඳහා කරන සටන කුමන තත්වයක් තුළ හෝ නතර නොකරණ බවද අවධාරණය කරමු.

ජනතා විමුක්ති පෙරමුණ”

A5 News තාවකාලිකව Block කරයි

0

සියලු සමාජ මාධ්‍ය අවහිර කර තිබෙන තත්වයක් යටතේත් පවත්වාගෙන යාමට උත්සහ කළ A5 News ෆේස් බුක් ගිණුම මේ වන විට තාවකාලිකව අවහිර කර තිබෙනවා. මේ හේතුව නිසා අපගේ තාක්ෂණික කණ්කඩාය වෙනත් සන්නිවේදන මාර්ගයක් සොයා ගැනීමට උත්සහ කරන බව පවසනවා. ඒ අතර තුර අප වෙත ලැබෙන තොරතුරු දිගින් දිගටම A5 වෙබ් අඩවිය ඔස්සේ යාවත්කාලීන කෙරෙයි.

සමාජ මාධ්‍ය අවහිර කරයි

0

මෙරට තුළ අන්තර්ජාල සේවා සපයන්නන් හරහා සමාජ මාධ්‍ය ජාලවලට පිවිසීමට අවහිර කර තිබෙනවා. ෆේස්බුක්, යූ ටියුබ්, වට්ස්ඇප්, වයිබර්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ඇතුළු ප‍්‍රකට සමජා ජාල රැසකට එරෙහ් අවහිරතා ඇතිව තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම තත්වය මතුව ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය පිළිගත් බවයි වාර්තා වන්නේ.

එහි ලේකම්වරයා වන ජයන්ත ද සිල්වා සඳහන් කරන්නේ මෙම අවහිර කිරීම තාවකාලිකව සිදු කරන ලද බවයි.

“විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකියි” – HRCSL

0

නුගේගොඩ , මිරිහාන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වු පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසනවා.

පොලීසිය පවසන්නේ ඊයේ (31) රාත්‍රියේ ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් පිරිසක් අද (01) පෙරවරුවේ මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා.

මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපතිනිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කළ නොහැකි බවයි.

සිමෙන්ති මිල රුපියල් 500 කින් ඉහළට

0

දේශීය හා විදේශීය නිෂ්පාදිත කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල සඳහන් වන්නේ රුපියල් 2350 ක් ලෙසයි.

“මේ ආණ්ඩුවේ කළමනාකරණයකුත් නෑ, අධීක්ෂණයකුත් නෑ, සුදුස්සෝ සුදුසු තැන්වලත් නෑ” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහු වටා සිටින කේවට්ටයින්ගේ උපදෙස් අනුව ඉදිරි ගමන යෑමට සැරසෙන්නේ නම් තමන්ටත් ඉතාම ඉක්මනින් වෙන පැත්තක් බලාගැනීමට සිදුවනු ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියනවා.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එනකොට අපි හැමදෙනාටම තිබුණු සතුට අද ඇත්තේම නෑ. අපි දැක්කෙ නෑ කවදාවත් මේ වගේ පෝලිම් යුගයක්. පක්ෂ විපක්ෂ හැම කෙනාගෙන අප්‍රසාදය අද දවසින් දවස සතියෙන් සතිය වර්ධනය වෙනවා. ඒක මට පේනවා. මේ ආණ්ඩුවේ කළමනාකරණයකුත් නෑ, අධීක්ෂණයකුත් නෑ, සුදුස්සෝ සුදුසු තැන්වලත් නෑ එතුමාට වැරදිච්චි තැන තමයි ඒක. අර නිස්සන් නිසි තැන්වල වැජඹේවා කියන එක අද මේ ආණ්ඩුව තුළ නෑ. ජනාධිපතිතුමාට කියන්නෙ දැන්වත් අඩුපාඩු හොයන්න කියලා. වුණේ මොකක්ද කියලා හොයන්න. ඇහුම්කන් දෙන්න ගෝඨාභය මහත්තයෝ. ඔය වටේ ඉන්න කේවට්ටයෝ ටික කියන දේවල් අහගෙන ඔබතුමා ඉදිරි ගමන යන්න යනවා නම් අපටත් සිද්ධවෙයි බොහෝම ඉක්මනින් වෙන පැත්තක් බලාගන්න” යි ආනන්ද හිමි පවසනවා.

“පවතින අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දෙන්න” – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

0

වර්තමානයේ රටේ පවතින අර්බුදය විසඳීමට නොහැකි නම් එම අර්බුදය විසඳීමට හැකි පුද්ගලයන්ට රට භාර දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. එසේ නොමැතිව රට අයාලේ යෑමට ඉඩ හැරීම මෙන්ම ජනතා අරගල හමුවේ සිදුවන්නේ පවතින අර්බුදය තවදුරටත් සංකීර්ණ වීම බවයි උන්වහන්සේ පවසන්නේ.

පසුගිය ආණ්ඩු සඳහා චෝදනා කරමින් මෙම අර්බුදය විසඳිය නොහැකි බවත්, සාමූහිකව ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ මෙය විසඳා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි කියනවා.

“මේ මොහොත වන විට මේ රටේ ජනතාව විශාල පීඩනයකට පත්වෙලා ඉන්නවා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ. තෙල් නෑ, ගෑස් නෑ, විදුලිය නෑ, බඩු මිල අහස උසට. මේ වගේ වෙලාවක භික්ෂූන් වහන්සේලා වන අපට මිනිස්සු කෑ ගහනවා. පසුගිය කාලේ කෑ ගහපු හාමුදුරුවරු කෝ කියලා. මම මේ ආණ්ඩුවට යෝජනාවක් කරන්න බලාපොරොත්තුවෙනවා.

ඒක තමයි රටේ ප්‍රශ්නයක් තිබෙනවා. සාමූහික වගකීමක් දරමින් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක ගැන කිසිදු සාකච්ඡාවක් ඇති වෙලා නෑ. ඊයේ පෙරේදා ගාමිණී ලොකුගේ ඇමතිවරයා කියනවා තෙල් තිබෙනවා ඕන තරම්, බවුසර් නැවත හැරිලා යනවා කියලා. සිපෙට්කෝ ආයතනය කියනවා 30 සහ 31 තෙල් නෑ, කරුණාකරලා පෙට්‍රල් ෂෙඩ්වලට එන්න එපා කියලා. මොකක්ද මේ බහුබූතේ.

දැන් ජනාධිපතිවරයා ගැන විශ්වාසයක් නෑ, අගමැතිවරයා ගැන විශ්වාසයක් නෑ, කැබිනට් එක ගැන විශ්වාසයක් නෑ, මන්ත්‍රීවරුන් ගැන විශ්වාසයක් නෑ. මෙහෙම ආරාජික වෙන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේක විශාල අවාසනාවන්ත තත්ත්වයක්. මේ තෙල් ටික ගෑස් ටික බෙදාගන්න බෑ කියන අවිශ්වාසය වෙනුවට මේ ප්‍රශ්නය කළමණාකරනය කරලා පෙන්නුවොත් මිනිස්සුන්ට යම් විශ්වාසයක් ඇතිවෙයි මේ අර්බුදය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා.

මේක කරන්න නම් හොඳ වැඩකාරයෙක් අපිට අවශ්‍යයි. අපිට පේනවා දැන් රටඅයාලේ යනවා. සියලු දෙනා පාරට බැහැලා අරගල කරන්න යෑම ඇතුලේ මේ ප්‍රශ්නය තවත් ගැටුම් බවට පත්වෙලා සංකීර්ණ තැනකට පත්වෙනවා. නිශ්චිත වැඩපිළිවෙළක් නෑනේ. සමහර ඇමතිවරු ඇවිත් කියනවා අවුරුදු වෙනකොට කරන්ට් එකත් නෑ කියලා. කරන්න බැරි නම් කියන්න. එහෙම නැතිනම් කරන විදිය කියන්න. බැරිනම් කරන්න බැරිවුන් පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න” යනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කරනවා.