මූල්‍ය පහසුකම් ලබා ගැනීමට මුදල් ඇමති ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි

ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් පවසා තිබෙනවා. ඒ අනුව ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීමේ ගිවිසුමකට එහිදී අත්සන් තැබීමට නියමිත බවත් අමාත්‍යවරයා කියන්නේ.

මෙරට ජනතාවට අවශ්‍ය ආහාර, අහාර මෙන්ම හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම මුදල හිමිවන බවයිවිදේශ අමාත්‍යවරයා පවසන්නේ. මුදල් අමාත්‍යවරයා පසුගියදා ඉන්දියාවේ සිදු කළ සංචාරය අතිශය සාර්ථක බවත් එහිදී ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක ණය පහසුකමක් ලබා ගැනීමට හැකි වූ බවත් මෙම බිලියනය එහි මුල් අදියර බවත් අමාත්‍ය ජී. එල්. පීරිස් සදහන් කරනවා.

POPULAR

Recent articles