රියදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කෙරේ

ඇඳිරි නීතිය පිළිබඳ නව නිවේදනයක් අද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙනවා .

ඒ අනුව, කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම බලාත්මක වන අතර එළඹෙන 24 වන ඉරිදා සහ 25 වන සඳුදා යන දිනයන්හි දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට රාත්‍රී 8 සිට එළඹෙන 26 වන අඟහරුවාදා උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය පනවනු ලබනවා.

එම දිස්ත්‍රික්කවල දිනපතා රාත්‍රී 8 සිට උදෑසන 5 දක්වා නැවත දැනුම් දෙන තුරුම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඇඳිරි නීති කොන්දේසි දිගටම බලාත්මකයි.

ඒ අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදීම ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාළ වැඩපිළිවෙළ මැයි 26 වන අඟහරුවාදා සිට සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනවා ඇතී.
………….

මේ අතර රි‍යදුරු බලපත්‍රයක වලංගු කාලය තාවකාලිකව නැවතත් දීර්ඝ කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .

ඊට අදාළව නිකුත් කල ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් කර තිබෙන්නේ එම කාලය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.

ඒ අනුව, මේ වන විට පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මැයි මස 31 වන දිනෙන් අවසන් වීමට තිබූ සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා .
මේ බව ශ්‍රී පොදුජන පෙරමුණ ට්විටර් ගිණුමේ සඳහන්.

POPULAR

Recent articles