”මාළු මිල තුන් ගුණයකින් විතර ඉහළ යනවා” – ජාතික ධීවර මහා සම්මේලනය

භූමිතෙල් මිල වැඩි කළ ප්‍රතිශතය අනුව මාළු මිල ගණන් තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවයි ජාතික ධීවර මහා සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් අසංක ප්‍රනාන්දු පවසනවා.

භූමිතෙල් මිල 290% කින් පමණ ඉහළ දැමීම ධීවර ක්‍ෂේත්‍රයට එල්ල කළ දැඩි පහරක් බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලක්‍ෂ 16 ක් පමණ වන ධීවර පවුල්වල යැපෙන්නන් මෙන්ම මෙරට පොදු ජනතාවද පීඩාවට පත් වන බවයි.

POPULAR

Recent articles