අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා තවත් පුද්ගලයින් 4 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබුණා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ යූනියන් පෙදෙසේ විරෝධතා පාගමන අතරතුර මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

POPULAR

Recent articles