සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෙළා දකියි

සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nations Human Rights Council – UNHRC) පවසයි. රටේ ආර්ථික කඩාවැටීම මධ්‍යයේ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීමට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම ඔවුන් පවසන්නේ අනුමත කළ නොහැකි ක්‍රියාමාර්ගයක් ලෙසයි.

ජූලි 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ජූලි මස 17 වන දින යළිත් වරක් හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අතර ජූලි මස 27 වන දින පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගනිමින් එය තවත් මසකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙනවා.

එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවස්ථා ගණනකදීම ශ්‍රී ලංකා රජයට සිය කනස්සල්ල පළකළ ද ඉන් ඵලක් වී නොමැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල පවසනවා. සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග හෙළාදකින බවයි මානව හිමිකම් කවුන්සිලය කියන්නේ.

POPULAR

Recent articles