ජනතා විමුක්ති පෙරමුණ අද (23) පොලිස්පති හමුවෙයි

පසුගිය දිනවල ඇති වූ ක්‍රියා සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න අද (23) මුණගැසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එම හමුවීමේදී පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට විවිධ පාර්ශ්වයන් එල්ල කරන චෝදනා සමබන්ධව පොලිස්පතිවරයා විමසීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියන්නේ.

රාජපක්ෂලාගේ 09වෙනිදා ප්‍රහාරයට රටේ සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වුනු ප්‍රතිප්‍රහාරවලට ආණ්ඩුව හිතාමතා ජවිපෙ සාමාජිකයින් එල්ල කරගෙන ගෙන යන අසත්‍ය චෝදනා විමර්ශනය කරන ලෙස ජවිපෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කිරීමටද අද (23) උදේ 9.30ට කටයුතු යොදන බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles