“IMF යන එක හොඳයි” – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජයට නිර්දේශයක්

රට තුළ පවතින තත්වය යටතේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු වීම සුදුසු යැයි අජිත් නිවාඩ් කබ්රාල් අධිපතිත්වය දරන ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ යෝජනාවලියක් ද මහ බැංකුව විසින් රජයට දැනටමත් ඉදිරිපත් කර තිබෙනවා.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ පවතින තත්වය යටතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එම තීරණය ගැනීමට සිදුවන බවයි. පවතින ගැටලුව විසඳාගැනීම සඳහා තුන්වෙනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවන බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මෙම තීරණය මගින් රටට අත්වන වාසි සහ අවාසි තත්ත්වයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවයි මහ බැංකු අධිපතිවරයා කියන්නේ. එසේ කටයුතු නොකළහොත් පවතින අර්බුදය තවත් උත්සන්න විය හැකි බව ඔහු කියනවා.

POPULAR

Recent articles